ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ ව්‍යාපාරයක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා කෝටි 11ක් වංචාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද රාජපක්ෂ පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ ඔහුගේ ව්‍යාපාර සහයකයෙකු ලෙස කටයතු කර ඇති සිඩ්නි ජයසිංහ නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් පසුගිය මස 18 වැනිදා අත්අඩංගුවට ගත් ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.
එහිදී ගම්මන්පිල මහතාට රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 3ක් මත මුදාහැරීමටත් සිඩ්නි ජයසිංහ රුපියල් 15,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමටත් දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කිරීමටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.
සැකකරුවන්ට ඇප ලබාදීමෙන් පරීක්ෂණවලට බාධා විය හැකි යැයි පොලීසිය ප්‍රකාශ කළත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ මෙහි සාක්ෂිකරුවන් විදේශගතව සිටින බැවින් පරීක්ෂණවලට බාධාවක් නොවන බවය.
එහෙත් බ්‍රයන් ෂැඩික් වෙනුවෙන් මෙරට සිට සාක්ෂි ලබා දෙමින් කටයුතු කරන්නේ ලසිත පෙරේරා මහතාය.









