රතු කුරුස සංවිධානය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් සිරිලිය සවිය සංවිධානයට ඩිෆෙන්ඩර් රථයක් පරිත්‍යාග කරන අවස්ථාවක ඡායාරූපයක් රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී පෙන්වීමට අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගිය 12දා පියවර ගත් අතර ඔහු සඳහන් කළේ මෙම රථය ඝාතනයට ලක් වූ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් මහතා පැහැරගැනීමට භාවිත කළා යැයි පැවසෙන ඩිෆෙන්ඩර් රථය බව යි. රංජන් රාමනායක මහතා සඳහන් කරන්නේ තමන් විසින් මාධ්‍යට ඉදිරිපත් කළ ඡායාරූපවල නිවැරදිභාවය පිළිබඳ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව යි.
6









