ප්‍රසිද්ධ නිළියක, චිත්‍රපටි අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක මෙන්ම මෙවර පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ පිල පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ නිවසට ඊයේ (13) රාත්‍රියේ මැර ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් ඇයගේ නිවසේ බැඳ සිටි ගවයකු පැහැරගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඇය ඉංගිරිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවද පැවසේ.
සිද්ධිය ගැන ඇය මෙසේ කියන්නීය.
“මීට දිනකට පෙර වැඩකට ගිහින් මා එද්දි රාත්‍රී ත්‍රීරෝද රථයක් මඟ රැක සිට පාර හරස් කර නැවැත්තුවා. අපි කොහොම හරි වාහනය ඉදිරියට ගෙන ආවා. ඒ ගැන පොලිසියට පැමිණිලි කළා.
අද මම අනුරාධපුරයේ රැලියකට යන්නයි හිටියේ. නමුත් අලුයම ප්‍රහාරයක් එල්ල වුණා. වත්තේ බැඳ සිටි ගවයකුද අරගෙන ගිහින්. අපේ පැත්තේ හරක් අයාලේ යනවා. හරක් හොරුන්ට ඕනෑ නම් පාරේ යන හරකුන් ඕනෑ තරම් ඉන්නවා. මේ දේ කළේ මා බය කරන්නයි.
2005දි මට මේ වගේ දේවල් කළා. අනෝජලට, චන්ද්‍රලේඛලට කළෙත් මේ දේම තමයි. කාන්තාවන් නිසා මෙවැනි දේ කර බය කරන්නයි උත්සාහ කරන්නේ. පොලිසියෙන් අපේ නිවසට පැමිණ පරීක්ෂණ කරනවා.”
පහරදිමට පැමිණි පුද්ගලයින් ගෙවත්තේ සිටි එළදෙන රැගෙනගොස් ඇත්තේ පරික්ෂණ වෙනස් කිරිම සඳහා යැයි ඇය සඳහන් කරයි.









