වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා ලබාදෙන රුපියල් දෙදහසේ මාසික දීමනාව ලබාදීමේ කටයුතු මේ වනවිට අඩාල වී තිබේ. මේ වසරේ ඉදිරි මාස අට සඳහා අදාල දීමනා ගෙවීමට රු. මිලියන 5614 ක් අවශ්‍ය වන අතර 2015 සම්පූර්ණ වර්ෂය සඳහා මෙම දීමනා ගෙවීමට අවශ්‍ය වන මුදල රු. මිලියන 8614 ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන සමාජ සේවා සුබසාධන හා පශුසම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ අතර 2014 අයවැය මගින් මෙම මාසික දීමනාව රුපියල් 2000 දක්වා වැඩි කිරීමට තීරණය කෙරිණ. 2015 වසරේ අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 3000 ක මුදලක් වෙන් කළද මේ වනවිට එම ප්‍රතිලාභය හිමි වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 386,080 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව දැනට වෙන්කර ඇති මුදල මෙම දීමනාව ලබා දීම සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගතව ඇතැයි වාර්තා වේ.









