ලබන පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් පත්කර ගැනීමේ ඡන්ද විමසීම ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත බැවින් එම කාලයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මැතිවරණය අවසන් වීමෙන් පසු පැවැත්වීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවෙමින් පවතින බව වාර්තා වේ.
විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවය.
ඒ අනුව බොහෝදුරට විභාග කාල සටහනේ දින කිහිපයක් පසුපසට යනු ඇත.
Views: 0









