ටියුනීසියාවට, කුවේටයට හා ප්රංශයට ඊයේ (26) එල්ල වූ ත්රස්ත ප්රහාරයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා දැඩි ලෙස හෙළා දැක තිබේ.
එම ත්රස්ත්ර ප්රහාරයන්ගෙන් පුද්ගලයින් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ටියුනීසියාවේ වෙරළේ පිහිටි සංචාරක නිකේතනයකට පැමිණි සන්නද්ධ තුවක්කු කරුවකු එල්ල කළ ප්රහාරයන්ගෙන් විදේශීය සංචාරකයින් ඇතුළුව 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කුවේටයේ නගනුවර පිහිටි ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පුද්ගලයින් 227 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
ඊට අමතරව ප්රංශයේ ගෑස් කම්හලක පාලකවරයාගේ හිස කඳින් වෙන් කර ඝාතනය කර ඇත. මෙම ප්රහාරයන් සියල්ලම අයි.එස්. ත්රස්තවාදීන්ගේ ක්රියා බවට සැක කෙරේ.
මේ වනවිට ලෝකය පුරාම අයි.එස්. ත්රස්තවාදීන්ගේ ක්රියාකාරකම් සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින අතර ලෝක සාමයට දැවැන්ත තර්ජනයක් එල්ල කරමින් සිටී. මේ වනවිට ඉරාකයේ පමණක් අවතැන්ව සිටින ජනගහනය මිලියන තිහක් ඉක්මවා ඇති බව පැවසේ. ඇමෙරිකාව ප්රමුඛ බටහිර සන්ධානය අයි.එස්. ත්රස්තයින්ට එරෙහිව ප්රහාර එල්ල කරනු ලැබුවත් ඔවුන් පිටුපස සිටිමින් අවි ආයුධ සපයා ඇත්තේද ඇමෙරිකාව විසින් බව හෙළි වී ඇත.









