ලෝක බැංකුව ඇතුළු සංවිධාන කිහිපයක් විසින් සකස් කළ ලෝකයේ ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් පෙළ ගස්වමින් සකස් කරන දර්ශකයේ නැවත වතාවක් ශ‍්‍රී ලංකාව පහතට ඇද වැටී ඇත. මෙවර ශ‍්‍රී ලංකාව පහතට ඇද වැටී ඒකක ගණන 14කි.
පසුගිය වසරේ සිටි 85 වන ස්ථානයේ සිට මෙවර 99 වන ස්ථානය දක්වා පහත වැටී ඇත්තේ ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම අසීරු බව පසක් කරමිනි.
වාණිජ නඩු සම්බන්ධයෙන් උසාවි තීන්දුවක් ලබා ගැනීමේ දී සාමාන්‍යයෙන් වසර 4කට ආසන්න කාලයක් ගත වීම මෙන්ම ගිවිසුම් ක‍්‍රියාත්මක කර ගැනීමේ දී සිදු වන ප‍්‍රමාදයන් මෙම දර්ශකයේ ලංකාවේ ස්ථානය පහළ වැටීමට හේතු වූ කරුණු අතර වේ. එසේම ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවයද මීට බලපා ඇතැයි හෙළි වී ඇත.
Views: 0









