ඡන්ද මුදලට ගැනීම සඳහා මහින්දගෙන් සැලැස්මක්

ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ වෙත සමෘද්ධි ප‍්‍රතිලාභී  පවුල්වල ඡුන්ද ලක්‍ෂ විසිපහක් ලබා ගැනීමේ අරමුණින් රුපියල් දසදහස බැගින් මුදල් ලබා දීමට සැලැසුම් කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ.

බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා යටතේ පවතින ‘දිවි නැඟුම’දෙපාර්තමේන්තුව යටතේ මෙම මුදල පවුල් ලක්‍ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවකට බෙදා දීමට සැලැසුම් කෙරෙමින් ඇත. ලබන ජනවාරි මස මුල දී රුපියල් 2,500.00 ක අත්තිකාරම් මුදලක් ලබා දීමට නියමිත ය.

එහි ඉතිරි රුපියල් 7,500.00 සමෘද්ධි බැංකුවල තිබෙන ප‍්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන බව තහවුරු කිරීමට සැලැසුම් කරමින් ඇත. අනාවරණය අන්දමට මෙම මුදල් බෙදීම ලබන වසරේ අය-වැය යෝජනාවලට සම්පූර්ණයෙන් ම බැහැරව සිදු කිරීමට නියමිත ය.

 

ජනාධිපතිවරණය ආසන්නයේ දී රුපියල් 2,500.00 ක මුදල අදාළ ප‍්‍රතිලාභීන් අතටම ලබා දී ඉතිරි රුපියල් 7,500.00  ලබා දීම සම්පූර්ණයෙන් මඟහැර යාමට සැලැසුම් කරමින් පවතී.

Facebook
Twitter
LinkedIn