බලංගොඩ කස්සප භික්ෂුව සමඟ සමාජ විරෝධි ක්‍රියාවල යෙදී සිටින පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව තහවුරු වී තිබේ.
අහම්බෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක දී දහම් ප්‍රසාද් නම් පුද්ගලයා විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු විය. මේ සමඟම බලංගොඩ කස්සප භික්ෂුව සම්බන්ධයෙන් ද ප්‍රබල අනුමාන පළ කෙරෙමින් පවතී.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී තමන්ට පහර දුන් බව සඳහන් කිරීමත් සමඟ මෙම භික්ෂුව කොළඹ ජාතික රෝහළට ඇතුලත් කරනු ලැබීය. එහිදී ඔහු වැඩිදුර වෛද්‍ය පරීක්ෂණවලට නිර්දේශ කළ අවස්ථාවේ දී එයට ඉදිරිපත් නොවී පළා ගියේය. මෙසේ පළා යාමට හේතුව මෙම භික්ෂුව ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති නිසා යැයි කථිකාවක් මතුවී තිබේ.
Views: 11










