සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පච්ච හා සලකුණු සම්බන්ධයෙන් පනවා තිබුණු ප්‍රතිපාදන ඉවත් කරගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඊට අමතරව, බරපතළ අපරාධ සිද්ධියකට සම්බන්ධ නඩුකරයක කිසියම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අදාළ අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට දැක්වෙන වගන්තියද ඉවත් කරගන්නා බවයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට මේ බව දැන්ම් දී තිබිණි.
Views: 45










