අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු…

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු…

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට නව ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ පත් කර ඇත.

මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස් ධනපාල තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි එම මහත්වරුන් වෙත භාර දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්