සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කර ගනිමින්, පෞද්ගලික අංශයේ සේවකයාට දායක විශ්‍රාම වැටුපක් ලබාදීම ගැන සාකච්ඡාවක් පවත්වමින් සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, ඇමති, වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 07 වනදා බොරැල්ල පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, ඇමති, වසන්ත සමරසිංහ,
“මෙයට අවුරුදු දෙකකට පෙර අපි වැඩ කරන ජනතාව එකතු කළේ, ජනතාවාදී පාලනයක් පිහිටුවීම සඳහා. අද අපි එකතුවී ඉන්නේ ඒ ජනතාවාදී පාලනය වසර දෙකක් තුළ රට හදමින් සිටින පසුබිමකයි. රට හදන්න වැඩ කරන බලය තව දුරටත් නිවැරැුදිව යොදා ගන්නා ආකාරය ගැන සාකච්ඡුා කරන්න අපි රැුස් වී සිටිනවා. රාජ්‍ය අංශයට බඳවා ගැනීම් නවතා දමා පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා වහලා, දහස් ගණනක් සේවකයන් එළියට වැටෙන වෙලාවකයි අපි පාලන බලය ගත්තේ. ආණ්ඩු බලය ලබාගත් මොහොතටත් වඩා ශක්තිමත් වැඩ කරන ජනතා බලයක් තහවුරු කර ගනිමින් තිබෙන මොහොතක අපි එකතු වී සිටිනවා. මෙරට නිෂ්පාදන අංශයේ සියයට අසූවක පමණ කොටසකට දායකත්වය සපයන්නේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්. විදේශ විනිමය ඉපැයීමේ දී වතු ක්ෂේත්රයට අමතරව විශාලම දායකත්වය ලබාදෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්. හැබැයි, ඒ සේවකයන්ගේ අවම වැටුප් අයිතීන් දිනා ගැනීමට අවුරුදු ගණනක් සටන් කරන්නට අපට සිදු වුණා. අපි ආණ්ඩු බලය ගන්න කොට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් විසිඑක්දාහයි. නමුත්, වසරක් ගත වන විට එය රුපියල් තිස්දහස දක්වා නවදහසකින් වැඩි කරන්න හැකි වුණා. හාම්පුතුන් එකතු කරගෙන අපේ ඇමැති සහෝදරවරු අවම වැටුප ගැන සාකච්ඡුා කරද්දී, රුපියල් නවදහසක වැඩි කිරීම එකවර ලබාදීම අසීරු බව ඔවුන් කීවා. නමුත්, අවසාන වශයෙන් ඔවුන් අප සමඟ එකඟ වුණා.
අපේ රටේ ‘මෑන්පවර්’ සේවකයන්ගේ ප්රශ්නය විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තක්. අපේ සහෝදරවරු කම්කරු උපදේශක සභාව තුළ සාකච්ඡුා කරමින් ඉන්නේ, මෑන්පවර් ක්‍රමය අවසන් කිරීම ගැනයි. කෙනකුගේ ශ්‍රමය ලබා දීම වෙනුවෙන් අතරමැදියකුට ගෙවීමක් කිරීම අපි පිළිගන්නේ නැහැ. නීති වෙනස් කරමින්, මේ ක්‍රමය අවසන් කරන්න සාකච්ඡුා කරමින් පවතිනවා. තව පැත්තකින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මංකොල්ලකෑමේ තත්වයක් පසුගිය කාලයේ දිගින්දිගටම තිබුණා. පසුගිය ආණ්ඩු විවිධ උපක්‍රම යොදමින්, මේ අරමුදල් අවභාවිත කරන්න උත්සාහ කළා. මේ අරමුදලෙන් සේවකයාට වැඩිපුර ප්රතිලාභ ලැබෙන ආකාරයට වෙනස් කර ගන්නේ කොහොම ද කියන එක ගැන අපි දිගින්දිගටම සාකච්ඡුා කළා. බැඳුම්කර ජාවාරමට, කොටස් වෙළෙඳපොළේ වෙනත් ජාවාරම්වලට මේ අරමුදල් යොදා ගන්නා විට මහබැංකුව වට කරමින්, අපි සටන් කළා. කටුනායක අරගලයට වෙඩි තබා රොෂේන් චානක ඝාතනය කළා. ඒ ආකාරයෙන් රැුකගත් ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. අරමුදල් අපේ ආණ්ඩුව යටතේ තව දුරටත් ශක්තිමත් කරමින්, ප්රතිලාභ ඉහළ දමනවා. නිවාස ණය, සෞඛ්‍ය රක්ෂණ ආවරණය ඇතුළු විවිධ ක්ෂේත්රවලට මෙම ප්රතිලාභ ලබාදීම සඳහා සාකච්ඡුා කරමින් සිටිනවා. සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කර ගනිමින්, පෞද්ගලික අංශයේ සේවකයාට දායක විශ්‍රාම වැටුපක් ලබාදීම ගැන සාකච්ඡුාවක් පවත්වමින් සිටිනවා. වැඩ කරන ජනතාව සටන් කර ගොඩනැඟූ ආණ්ඩුවකින් එම ජනතාව ආරක්ෂා කරමින්, වඩා ඉහළ ප්රතිලාභ ලබාදීම මූලික ම අරමුණයි. නමුත්, සුන්බුන් කල්ලි ප්‍රචාරය කරන්නේ සේවක අර්ථසාධක අරමුදලට ආණ්ඩුව අත තියන්න සූදානම් වන බවයි. අපි සුන්බුන් කල්ලිවලට කියන්නේ, බොරු ප්‍රචාර කළාට වැඩක් නැහැ කියලා.
කම්කරු ඇමැති අනිල් ජයන්ත සහෝදරයා, නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සහෝදරයා ඇතුළු අපේ ඇමැතිවරුන් සූදානම් වෙන්නේ වැඩ කරන ජනතාවට ඉහළ ප්රතිලාභ ලබාදෙමින්, මේ අරමුදල් ආරක්ෂා කරන්න. වැඩ කරන ජනතාවගේ බලය එක්ක මේ රටේ ප්රගතිශීලී ජනතාවගේ බලය එකතු කර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඉදිරියටම කි‍්‍රයාත්මක කරනවා. සතුරාගේ බොරු අවලාදවලට සවන් නොදී, මේ රට ගොඩනඟන මාලිමාවේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමට පෙළගැසෙන්න ඕනෑ. පොහොසත් රටක් ගොඩනඟා, ලස්සන ජීවිතයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සියලූ ම වැඩ කරන ජනතාව පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිනවා.”

















