ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
නිශාන්ත රණතුංග, හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංගගේ බාල සොහොයුරෙකු වන අතර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකුද වනවා
ඒ, අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළවය.
කෙසේ වෙතත් මීට පෙරත් ජල සම්පාදන මණ්ඩලයේ සුඛෝපභෝගී වාහනයක් කුලියට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කළ විමර්ශනයකට අදාළව හිටපු සභාපති නිශාන්ත රණතුංගගේ නම අධිකරණයේදී සඳහන් වී තිබී ඇත.
එම විමර්ශනය ක්රියාත්මක වී ඇත්තේ හිටපු සභාපති නිශාන්ත රණතුංග හිටපු සභාපති වරයෙකු රජයේ වාහන දෙකක් තිබියදී, තවත් Toyota Prado රථයක් කුලියට ගැනීමට රුපියල් ලක්ෂ 127.5ක් වැය කර තිබීම සම්බන්ධයෙනි.
කෙසේ වෙතත්, අද අත්අඩංගුවට ගැනීම එම වාහන සිද්ධියටම සම්බන්ධද යන්න තවමත් නිශ්චිතව තහවුරු වී නැහැ.










