ගිනිකොන දිග බෙංගාල බොක්කේ ඇති වී තිබෙන කැලඹිලි ස්වභාවය ඉදිරියේදී අඩු පීඩන කලාපයක් දක්වාත්, ඉන් අනතුරුව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවට පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.්මේ
හේතුවෙන් නොවැම්බර් 15, 16 සහ 17 යන දිනවල උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් නිවැරදි අනාවැකි පළ කිරීමට තවමත් ප්‍රමාණවත් දත්ත නොමැති බවත්, ඉදිරියේදී ඒ පිළිබඳව අධ්‍යයනය කර, අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
ධීවර සහ නාවික ප්‍රජාවට මුහුද ආශ්රිත කටයුතුවලින් වලකින ලෙසට මේ දක්වා දන්වා නැතත්, ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නැයි ධීවර කාර්මිකයින්ගෙන් ඉල්ලා සිටින බව අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.










