මැදවච්චියේ බස් රථ අනතුර – මිය ගිය ගණන 05 දක්වා ඉහළට… තුවාල ලැබූ පිරිස 40ක්..

මැදවච්චියේ බස් රථ අනතුර – මිය ගිය ගණන 05 දක්වා ඉහළට… තුවාල ලැබූ පිරිස 40ක්..

A9 මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටී අද (09) පෙරවරුවේ සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරෙන් මේ වනවිට පුද්ගලයන් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පදවි ශ්‍රී පුර සිට අනුරාධපුර දක්වා ධාවනය වූ ලංගම බසටය පෞද්ගලික බසය ඉස්සරකිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් ලංගම බසයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුව අවස්ථාවේ බස් රථ තුනේම 100කට අධික මගීන් ප්‍රමාණයක් ගමන් කර ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර ලංගම බස් රථ දෙකේ රියැදුරන්ද සිටින බවට තහවුරු නොවූ පුවත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්