බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට අධිකරණයේ පෙනීසිටින්නැයි නි‍යෝග

බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට අධිකරණයේ පෙනීසිටින්නැයි නි‍යෝග

අනුරාධපුර රුවන්වැලි මහ සෑය ආශ්‍රිත පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට ලබන 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් නොතීසි නිකුත් කර තිබේ.

අනුරාධපුර පූජා නගරයේ නව සැලැස්මට විරෝධය පළ කරමින් මම සත්‍යග්‍රහය ආරම්භ කර ඇති අතර මීට පෙර ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයිද ඉල්ලමින් මෙම පිරිසම විහාරමහාදේයී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරතව සිටියහ.

ඊට පෙර ත්‍රීකුණාමලයේ වෙරළ සංරක්ෂණයට අයිති වෙරළ භූමියක පිහිටි අවන්හලක් තුළ බුදුපිළිමයක් තැන්පත් කිරීමට යාමේදි ඇති වූ ප්‍රශ්නට මුදල් කරගනිමින්ද එහි ගැටුම්කාරී වාතාවරණයක් ඇති කළේ මෙම බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසය.

මේ වනවිට අනුරාධපුර රුවන්වැලි මහ සෑය ආශ්‍රිත පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන්ගේ ආවතේවකරු පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවටද අනාවරනය වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්