සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ විභාගය අවසන් – තීන්දුව කතානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ විභාගය අවසන් – තීන්දුව කතානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායක සහ ජනාධිපති වෙත යොමු කරන බව අද (09) නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පත අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

එහිදී, අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම්වලට අදාල වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙලෙස එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්