නලීන් බණ්ඩාරට පාතාලයෙන් සල්ලි ලැබුණාද?

නලීන් බණ්ඩාරට පාතාලයෙන් සල්ලි ලැබුණාද?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරුවේ සිට ගෙන එන ලද නීති විරෝධි ඩ්‍රෝන කැමරා සහ අනෙකුත් උපාංග වෙනුවෙන් පාතාලයෙන් මුදල් ලැබුණේ දැයි බරපතළ සැකයක් මතු වී තිබේ.

මෙම සැකයට හේතු වී ඇත්තේ විදේශ ගමන් සංචාරයක දී ශ්‍රී ලාංකිකයෙකු හට රැගෙන යා හැකි උපරිම මුදල දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 15,000ක් පමණක් බැවිනි. රේගුවේ විශේෂ අවසරය මත මෙම සීමාව දක්වා මුදල් ගෙන යා හැකි අතර, ඒ අනුව නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාටම ගෙන යා හැකි උපරිම මුදල ඇමරිකානු ඩොලර් 30,000කි. එහෙත්, ඔවුන් විසින් ගෙන එන ලද ඩ්‍රෝන කැමරාවක දළ වටිනාකම ඩොලර් 1,000 ඉක්මවා තිබේ. ඩ්‍රෝන කැමරා 42ක් සහ මයික්‍රොෆෝන් 16ක් ඇතුළු උපාංග වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 50,000ක් ඉක්මවා වැය කර ඇත.

මෙම මුදල් ඔවුන් වෙත ලැබුණේ කෙසේ දැයි බරපතළ සැකයක් මතු වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්