හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
ඔහු එලෙස කැඳවා ඇතැයි වාර්තා වන්නේ, පසුගියදා ඩුබායි සිට රැගෙන ආ මෙරට ප්‍රධාන පෙලේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.
හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු සහ ශිරාන් බාසික් අතර මුදල් ගණුදෙනු සිදුව ඇතැයිද පැවසේ.
මේ වනවිට හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0










