හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාවකට වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට වසර 14ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම එක එය වසර 7කින් ගෙවී යන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් අද (01) නියෝග කර තිබේ.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් රුපියල් තුන්ලක්ෂ තිස්දාහක (රු. 330,000) මුදලක් මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට ගෙවීම සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා ඇමති පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.

එහිදී අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන් සේවා ඇමතිව සිටි පියංකර ජයරත්න ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළබවා ඇති බවට අධි චෝදනාවල සඳහන් වී තිබිණි.

දූෂණය නැමති වරද සිදු කිරීම සහ ඒ සඳහා නිලධාරින් පෙළඹවීම යන චෝදනා දෙකටම එක චෝදනාවකට වසර 07 බැගින් වසර 14ක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළ අධිකරණය එය වසර 07කින් එකවර ගෙවී යන ලෙස නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්