ශ්රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක් ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්ර භාරදුන් නව තානාපති, මෙරටට පැමිණි අවස්ථාවේ සිට ශ්රී ලාංකික ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කර තිබේ. ශ්රී ලංකාවේදී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී පවසා ඇත.
ශ්රී ලංකාව සහ චීනය අතර පවතින දීගුකාලීන මිත්රත්වය හා රාජ්යතාන්ත්රික සබඳතාවලට එලඹෙණ වසරේදී, වසර 70ක් සපිරීම මෙන්ම, 1952 අත්සන් තැබූ ඓතිහාසික චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.
නව රජය යටතේ ක්රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්රාමීය දරිද්රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්රජා ශක්ති’ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දරිද්රතාවය තුරන් කිරීමේදී චීනය ලබා ඇති අත්දැකීම් ශ්රී ලංකාවට ප්රයෝජනවත් ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අදහස් හුවමාරු වී ඇත.
චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්යෝන්ය සංවර්ධනය අපේක්ෂාවෙන් බව තානාපති පෙන්වා දී ඇත. එමෙන්ම ඉදිරියේදී ශ්රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදෙන නායකත්වය යටතේ ක්රියාත්මක වූ සංවර්ධන මාර්ගය නිසා තමන් වැනි දුෂ්කර ග්රාමීය පසුබිමක සිටි අයෙකුට පවා රාජ්යතාන්ත්රික නිලධාරියෙකු දක්වා පැමිණීමට අවස්ථාව හිමිවූ බව තානාපති මෙහිදී තම පෞද්ගලික අත්දැකීම් බෙදාගනිමින් පවසා ඇත.
දෙරට අතර පවතින මිත්රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කර ඇති අතර, මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ උපදේශක මෙයි ජින්ග්, දේශපාලන අංශයේ චින් ලිගොන්ග්, තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ජින් එන්සේ ඇතුළු නිලධාරිහු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ ජාත්යන්තර අංශයෙ නීතිඥ කල්පනා මධුභාෂිණීද එක්ව සිටියහ.












