නාඩු සහල් සහ කැකුළු සහල් මිල සීඝ්‍රයෙන් පහළ බසමින් පවතින බව තොග සහ සිල්ලර ව්‍යාපාරිකයෝ සහ පාරිභෝගික ජනතාව සඳහන් කරති.
පාලන රුපියල් 220කට මිල නියම කර ඇති සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 165ත් 180 අතර මිල ගණන් යටතේද පාලන මිල කිලෝවක් රුපියල් 220ක් වන නාඩු සහල් කිලෝ වක් රුපියල් 180ත් 190ත් අතර මිලකටත් මේ වනවිට තොග මිල ගණන් නියම වන බව මරදගහමුල වෙළඳ ප්‍රජාව පවසති.
එහෙත් සම්බා සහල් කිලෝවක තොග මිල තවමත් රුපියල් 235 ක සීමාවේ පවතින අතර එහි පාලන මිල 240කි.
සහල් මිල පහළ බැස්සද පරිභෝජනය යම් තරමක් දුරට පහළ බැස ඇතැයිද සහල් අලෙවිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවද තොග වෙළෙන්දෝ පවසති.
සහල් තොල මිල පහළ බැස්සද ඇතැම් සිල්ලර වෙළඳ සැල්වල තවමත් සහල් පාලන මිල ඉක්මවා විකිණීමේ නිරත වන බවත් සහල් තොග මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයින්ට නොලැබෙන බවත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ අවධානට වැඩි වැඩියෙන් යොමු විය යුතු බවත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාව සඳහන් කරති.










