බදු පැහැර හැරි මත්පැන් සමාගම්වලට නඩු – නීතිපති අධිකරණයට දන්වයි

බදු පැහැර හැරි මත්පැන් සමාගම්වලට නඩු – නීතිපති අධිකරණයට දන්වයි

බදු ගෙවීම පැහැර හරිනු ලැබූ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අය කර ගැනීම සඳහා දිසා අධිකරණ හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව නීතිපති විසින් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපති ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් පෙනී සිට ඇත.

Facebook
Twitter
LinkedIn