නිකවැරටිය ප්රාදේශීය සභාවේ රංදෙනිගම කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී නිමල් කරුනාරත්න හෙවත් “නලින්ද” නැමැත්තා නිකවැරටිය දලුක්ගොල්ල ප්රදේශයෙ ව්යාපාරික ස්ථානයක් තුළ කලහකාරී ලෙස හැසිරීම නිසා නිකවැරටිය පොලිස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු යම් මත්ද්රව්යක් භාවිතය නිසා එම අවස්ථාවේ දැඩි ලෙස මත්වී සිට ඇතැයිද පැවසේ.
එම ව්යාපාරික ස්ථානයේ හිමිකරු, මෙම මන්ත්රී කලහකාරි ලෙසත් අහෝෂභන ලෙසත් හැසිරෙමින් පරුෂ වචනයෙන් බැනවදින බවට පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්රී සම්බ්නධයෙන් වෛද්ය වාර්තාවක්ද ලබාගෙන ඇති අතර ඒ අනුව ඔහු අධික ලෙස මත්ද්රව්ය පානය කර ඇතැයි තහවුරු වී තිබෙන බවද තහවුරු වී ඇතැයි වාර්තා වේ.
ඔහු අද (18) නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Views: 0









