ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම බිඳ දැමීමෙන් පසුව 06 වෙනි දිනයටත් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස සිරියාවේ පිහිටි අල්-ටස්ෆ් ඇමරිකානු විශේෂ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයට ඉරානය විසින් දැඩි ප්‍රහාර එල්ල කර ඇත.
පසුගිය පෙබරවාරි 28 වෙනි දින ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කර මාස 05කට පසුව ඉරානය විසින් දියත් කළ ඈත පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය වේ. මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය තව දුරටත් වසා දමා ඇති බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කර ඇත.
346










