රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර භාරයට පත්කර සිටින හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (3) නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම සැකකරුවන්ට ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහෙස්ත්‍රාත් ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්