වසන්ත කරන්නාගොඩ ඇප මත මුදාහරියි…

වසන්ත කරන්නාගොඩ ඇප මත මුදාහරියි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධ විමර්ශනවලට අදාලව අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් නියෝග කරනු ලැබ ඇත.

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති මහේස්ත්‍රාත් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කර තිබේ.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍යභට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්