කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ව්යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ඇත.
වාර්තා වන අන්දමට අත්අඩංගුවට ගත් නිලධාරියා කළුතර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය යටතේ පවතින විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකි.
ඒ අනුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් කළුතර ප්රදේශයේ ව්යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් සිට ඇති අතර එම විමර්ශනයට අදාළව අධිකරණයේ අපරාධ චෝදනා ගොනු නොකිරීම වෙනුවෙන් අදාළ නිලධාරියා ඔහුගෙන් රුපියල් මිලියනයක් ඉල්ලා ඇති බව පැවසේ.
මෙම පොලිස් නිලධාරියා මුලින් පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂයක (රු. 100,000) අල්ලසක් ලබාගෙන ඇති බව වාර්තා වන අතර ඉතිරි රුපියල් ලක්ෂ නවයක (රු. 900,000) මුදල ලබා ගැනීමට උත්සාහ කිරීමේදී කළුතර ප්රදේශයේ අවන්හලක් අසළදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










