ඥානසාර හිමිගේ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කරයි…

ඥානසාර හිමිගේ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කරයි…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියම කරනු ලැබ තිබූ මාස 09ක සිර දඬුවම, කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.

එම සිර දඬුවමින් තමන් වහන්සේව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

2016 වසරේ කිරුළපන ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්