රනිල් වික්‍රමසිංහගේ බෑනා වන රුවන් විජේවර්ධනට අයත් විජය පුවත්පත් සමාගමෙන් ප්‍රකාශයට පත් කරන ඩේලි මිරර් පුවත්පත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ශා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක යොදා ගනිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම බිඳ වට්ටන සුළු ප්‍රචාරයක් ගෙන යන බව ය. ක්‍රිකට් පරිවර්තනීය කමිටුව පිහිටුවා යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීමට දරන ප්‍රයත්නය නොඉවසන විවිධ පිරිස් ව්‍යාජ ප්‍රචාර පිටුපස සිටින බව විශ්ලේෂකයින් පෙන්වා දී ඇත. ඩේලි මිරර් පුවත්පතේ පළ කර තිබුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වත්මන් රජය අනිසි ලෙස මැදිහත් වෙන බව දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා දොස් පැවරූ බව ය. එය අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබූ අතර, කවුන්සිලයේ සභාපතිවරයා සුහදශීලී ඵලදායි සාකච්ඡා පැවැත්වූ බවට ඒකාබද්ධ ප්‍රකාශයේ දක්වා තිබිණි.










