හොර පාරේ ගිය සල්ලි ගැන ප්‍රබල හෙළි කිරීමක් !

හොර පාරේ ගිය සල්ලි ගැන ප්‍රබල හෙළි කිරීමක් !

පසුගිය දශක දෙකකට වැඩි කාලයක් පුරා සිදු කර තිබෙන මූල්‍ය අපරාධ පිළිබඳව කරුණු රැසක් විගණන වාර්තාවකින් හෙළි වී ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන 2022 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා එක් කර තිබෙන වාර්තාවෙන් හෙළි වූ කරුණු පහත දැක්වේ:

  1. 2022 වසරේ දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වර්ෂය වනවිට රජයේ මුළු බාහිර වගකීම්වල වටිනාකම රුපියල් බිලියන 27,281ක් විය. නමුත් එම මුදල් යොදවා උත්පාදනය කර තිබූ මුළු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 4,804ක් විය. මේ අනුව මුළු වත්කම්වල වටිනාකම් ඉක්මවා බාහිර වගකීම් රුපියල් බිලියන 22,477ක් බවට පත් වූ දැවැන්ත මූල්‍ය අපරාධයක් සිදු කර තිබේ.

2.  එමෙන්ම 2022 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ මෝටර්රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව යන ආයතන විසින් එක්රැස් කර ගත යුතුව තිබූ බදු මුදල් රුපියල් බිලියන 971,33ක් අයකරගෙන නොතිබිණි.

3. එමෙන්ම 2006 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රාජ්‍ය ආයෝජන වියදම් රුපියල් බිලියන 9,213ක් දරා තිබූ අතර භෞතික වත්කම් හෝ මිල දීගැනීම් හෝ සිදුකර තිබුණේ, රුපියල්  බිලියන 2,093ක පමණි. ඒ අනුව රුපියල් බිලියන 7,120ක් සම්බන්ධයෙන් දැවැන්ත මූල්‍ය අපරාධයක් සිදු කර තිබේ.

ස්විස් ගිණුම්, සීෂෙල්ස් ගිණුම් ආදී වශයෙන් විදේශවලට පිටමං කළ මුදල් සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු ‘පැනමා පේපර්ස්’ මඟින් හෙළි වීතිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්