බැසිල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් යළි නියෝග

බැසිල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් යළි නියෝග

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට අද (17) යළි නියෝග කර ඇත.

ඒ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් යොදවා ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළවය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න,  සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් යන දෙදෙනාද මෙහි සෙසු සරකකරුවන් ලෙස නම් කර සිටිති.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න රජයේ සාක්ෂි කරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටින අතර සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්