තවත් ආයතනයක නිවේදන විකෘති කරලා

තවත් ආයතනයක නිවේදන විකෘති කරලා

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සුරේෂ් සලේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දී ඇති බවට මුළුමනින් ම අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටී.

එම ප්‍රචාරවලින් දැක්වෙන්නේ සුරේෂ් සලේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කුටිය පීඩාකාරී බවට එම කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා සඳහන් කළ බව ය.

මෙයට මාසයකට පමණ පෙර මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇත. පිරිසිදු වාතාශ්‍රය සහ හිරු එළිය නොලැබීම ඇතුළු රැඳවුම් කුටිවල පවතින අයෝග්‍යතාවයක් පිළිබඳව වාර්තාවක් සකස් කර දී තිබිණි. එය සුරේෂ් සලේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයක් බව දක්වමින් ජනතාව නොමග යැවීමේ ප්‍රචාර ගෙන යමින් සිටී.

Facebook
Twitter
LinkedIn