පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර සියලුල හෙළි කරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර සියලුල හෙළි කරයි…

ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ කරමින් තමන් සම්බන්ධයෙන්  ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය තුළ ගෙනයන අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් ජාතිකජ න බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විශෂේ ප්‍රකාශයක් සිදු කළාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂවරිය පොලිසියේ විමර්ශන පිළිබඳ විවේචනය කරමින් කරුණු දැක්වීම තුළින්, විමර්ශන නිලධාරීන් අධෛර්යමත් කර ඇති බවට තමා ඇයට චෝදනා කළ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත්

මාසයක් වැනි කෙටි කාලයක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරදක් නැති බවට පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී තමා ප්‍රකාශ කළ බවට වන වාර්තාද අසත්‍ය වන බවත්,

මීට අමතරව, `කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට සිදු වූ බව ප්‍රකාශ කළේ කුමන පදනමකින් දැයි’ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බල ගැන්වීමේ අධ්‍යක්ෂවරියගෙන් ප්‍රශ්න කළ බවට වන වාර්තාද අසත්‍ය බවත් ඇය සඳහන් කළාය.

දරුවෙකු සම්බන්ධයෙන් වන කටයුත්තකදී රහස්‍යභාවය රැකෙන පරිදි කටයුතු කළ යුතු වුවත්, මේ වනවිට එය කඩ වී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්