එක දවසේ නඩු වැලක්…

එක දවසේ නඩු වැලක්…

උදය ගම්මන්පිල, විමල් වීරවන්ස ඇතුළු කල්ලිය සුරේෂ් සලේ නාටකට රඟ දක්වන අතර ඊයේ (10) අපරාධ සහ මූල්‍ය අපාරාධ සම්බන්ධයෙන් නඩු ගණනාවක් අධිකරණය ඉදිරියේ විභාගයට ගෙන තිබිණි.

පාස්කු ඉරුදින එල්ල කරන ලද ප්‍රහාරට සම්බන්ධයෙන් පවත්වාගෙන යන විමර්ශන අනුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින සුරේෂ් සලේ සම්බන්ධ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන විමර්ශනය එකක්ය. එමෙන්ම තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙනගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පිරිස අතරට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේ ගුණවර්ධන චූදිතයෙකු ලෙස නම් කෙරුණු නඩු විභාගයක්ද ඊයේ පැවැත්විණි.

ඊට අමතරව මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් දකුණු පළාතේ හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, විමල් වීරවන්ස ඇමති ධුරයක දරමින් සිටි සමයේ මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, විමල් වීරවන්සගේ සොහොයුරෙකු වන සරත් වීරවන්සට විදෙස් ගමන් තහනමක් පැනවීම සහ බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිව සිටි සමයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙනක් එම කාර්යංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ එම කාර්යංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කිරීම යන අධිකරණ ක්‍රියාමාර්ග පැවැත්විණි.

මේ අතර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් චූදිතයන් වී සිටින රුපියල් ලක්ෂ 595ක් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් විභාග කෙරෙමින් පවතින් තවත් නඩුවක් සලකා බැලීම සිදු කෙරිණි.

මේ ආකාරයට මූළ්‍ය අපරාධ සහ අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් යටගසා තිබූ පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග රැසක් ඉදිරියට ගෙනයමින් පවතී.

Facebook
Twitter
LinkedIn