ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
එහිදී ඔහු ලකුණු 1,324ක් හිමි කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පසුගියදා රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවයක් දක්වමින්, 2026 වසරේ ලොව මෙතෙක් හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර, එම දක්ෂතාවය ලෝක ඉතිහාසයේ හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවලින් 08 වැනි ස්ථානයට පත් වුණා.
513










