හෝමූස් යළි වසා දැමීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල්  මිල යළි ඉහළට

හෝමූස් යළි වසා දැමීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල්  මිල යළි ඉහළට

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ, ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය විසින් නැවත පියවර ගෙන තිබේ.

එම හේතුව නිසා ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (11) දිනයේදී එක් බැරලයක මිල ඩොලර් 02කට වඩා වැඩි ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර දර්ශකයක් වන බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 2.30කින් වැඩි වී ඇති අතර බැරලයක් ඩොලර් 95.40ක් ලෙස සටහන්ව ඇත. එහි වැඩිවීමේ ප්‍රතිශතය  2.47%කි.

මේ අතර අමෙරිකානු WTI තෙල් මිල ඩොලර් 2.60කින් වැඩි වී ඇති අතර බැරලයක් ඩොලර් 92.63ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව එහි වැඩිවීමේ ප්‍රතිශතය 2.89%කි.

ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් නැව් සහ අනෙකුත් වාණිජ නෞකා ඇතුළු සියලුම යාත්‍රා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවය.

එම සීමාව තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවටද ඔවුහු අනතුරු අඟවා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්