අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි සෑ වෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ පත් කිරීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව තීරණය කර තිබේ.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පැවැත්වෙන නඩු කටයුත්ත අවසන් වනතුරු මෙසේ තනතුරින් තාවකාලිකව ඉවත් කර ඇතැයි එම සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
513










