මෙරටට රැගෙන ආ කෝටි 04කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 104ක් නැවත මෙරටින් පිට කිරීමට උත්සාහ කළ මෙරට පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (30) අලුයම සිදු කළ වැටලීමකදීය.
කුෂ් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 104ක් සමග ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී මින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි දී ඔහුට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
345










