දෙදින රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා චීනය බලා ගිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අදහා ගත නොහැකි කරුණු රැසකට මුහුණ දීමට සිදු වූ බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතම මිතුරෙකු වන ෆොක්ස් නිවුස් ජාලයේ හිමිකරු ද එම සංචාරයට එක් වී සිටි අතර, එක් අවස්ථාවක දී ඔහු චීනයේ මාර්ග නීති කැඩීම සම්බන්ධයෙන් තත්පර කිහිපයක් තුළ ඩොලර් 40ක දඩ ගැසීම සියළු දෙනා මවිතයට පත් කරන්නක් වූ බව ජාත්‍යන්තර මාධ්‍යයේ කතා බහට ලක් වී ඇත.
මෙම සංචාරය පිළිබඳව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක චාමර සුමනපාල සමඟ සිරස රූපවාහිනිය පැවැත්වූ සාකච්ඡාවක දී කරුණු රැසක් හෙළිවිය. එම වීඩියෝව පහත දැක්වේ.
Views: 0










