විදේශ කටයුතු ඇමති විජිත හේරත් සහ බෙලරුස් ජනපති අතර හමුවක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් සහ බෙලරුස් ජනපති අතර හමුවක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මේ දිනව බෙලරුස් ජනරජයේ සිදුකරන නිල සංචාරය අතරතුර එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ (Aleksandr Lukashenko) අතර ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

​ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන සාධනීය මැදිහත්වීම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

එහිදී දෙරටටම ප්‍රතිලාභ සැලසෙන වෙළඳ, කර්මාන්ත, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ දෙරටේ ජනතාව අතර සබඳතා වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැහැදිලි දැක්මක් සහිත මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

​දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මෙම අවස්ථාවේදී, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ දෙරටේම පොදු කැපවීම මෙම හමුවේදීද යළිත් තහවුරු කර තිබේ.

Facebook
Twitter
LinkedIn