යුද්ධය අතරේ නයි මුගටි එක කොටයට ගොඩවී ලෝකයට කේලම් කියයි

යුද්ධය අතරේ නයි මුගටි එක කොටයට ගොඩවී ලෝකයට කේලම් කියයි

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ සිදුවීම් පදනම් කර ගනිමින් නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම ගෙනහැර පාමින් සුන්බුන් විපක්ෂය රටට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

නීතියට සම්බන්ධ ජාත්‍යන්තර සංවිධාන 8ක් වෙත සුන්බුන් විපක්ෂය විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල ද සිල්වා, දිලිත් ජයවීර, මනෝ ගනේෂන්, චම්පික රණවක, ජීවන් තොන්ඩමන්, අසංක නවරත්න ඇතුළු පක්ෂ නායකයින් එම පෙත්සමට අත්සන් තබා ඇත.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බවත්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල කර ඇති බවත් සඳහන් කරමින් එම පෙත්සම යවා ඇති අතර, විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට ගැනීමට නියමිත දිනය ආසන්න වෙමින් තිබිය දී එලෙස කලබල වී තිබේ.

Facebook
Twitter
LinkedIn