පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ස්වාධීනව සිදු කරන බවත් එම විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ නොගන්නා ලෙසත් සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලා සිටී.
අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සිරිල් ගාමිණි පියතුමා මේ ඉල්ලීම සිදු කළ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයයන් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන නවතා දමා තිබූ බවත් එලෙස නවත්වා දමා තිබූ විමර්ශන නැවත වරක් පිළිවෙළකට ආරම්භ වූයේ වත්මන් ජනාධිපති අනුර දිසානායක රජය යටතේ බවත් එහිදී අවධාරණය කළේය.
මෙම විමර්ශන ඉතා ස්වාධීනව සහ පිළිවෙළකට සිදු කෙරෙන බවත්, මාස කිහිපයක් තිස්සේ සිදු කෙරෙමින් පවතින විමර්ශනවල එක් ප්‍රතිඵලයක් ලෙස හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන්නට ඇති බවට විශ්වාස කරන බවත් එම පියතුමා සඳහන් එහිදී සඳහන් කළේය.
ඔහු දැනට සැකකරුවකු පමණක් බවත්, එම අත්අඩංගුවට ගැනීම ගැන කලබල වී, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට හෝ සමාජ මාධ්‍යයේ `හෑලි’ ලිවීමට අවශ්‍යතාවයක් නොමැති බවත් මෙම පරීක්ෂණයට කවුරුන් හෝ බාධා කරනවා නම් එය වින්දිතයන්ට එරෙහිව කරන මහා අපරාධයක් ලෙස සලකන බවත් සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.










