ඇමති විජිත හේරත් ජර්මනියේ නිල සංචාරයක

ඇමති විජිත හේරත් ජර්මනියේ නිල සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත් අද (26) ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව යන බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ජර්මානු – ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය සඳහා ඇමති විජිත හේරත් සහභාගී වීමට නියමිත අතර ඔහු එම උත්සවය ඇමතීමටද නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.

වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකටද ඔහු සහභාගී වීමට නියමිතය.

මෙම සංචාරයේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත්, ජර්මනියේ විදේශ ඇමති සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn