තලංගම, අකුරේගොඩ සුපිරි වෙළඳ සැලක් ආසන්නයේදී පසුගිය 13 වැනිදා පස්වරුවේ මෝටර් රථයක් තුළ සිටි නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනයට සම්බන්ධ අනෙක් වෙඩික්කරුද මොණරාගල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල, නක්කල ප්රදේශයේ පාළු නිවසක සැගව සිටියදී ය.
සැකකරු සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගැණුනි.
එම ඝාතනය සඳහා ගිනි අවි ප්රවාහනය කළ දෙදෙනා සහ එම කටයුතු සම්බන්ධීකරණය කළ පුද්ගලයෙකුද පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Views: 0









