යුරෝපයේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාවගෙන් කෙරුණු ඉල්ලීමකට අනුව බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ අයර්ලන්තයේ සංචාරයක නිරත වී සිටින ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක පසුගිය (22) දින නෙදර්ලන්තයේ ලෙයිදන් නඟරයේදී විදෙස්ගත ශ්රී ලාංකිකයින් හමුවී තිබේ.
මෙහිදී ඔහු ජාතික ජනබලවේග ආන්ඩුව යටතේ වත්මන් රජයේ පසුගිය මාස 15ක කාලය තුළ රටට සහ රටේ ආර්ථිකයට ලබා දුන් ජයග්රහණ පිළිබදව මේ පිරිස් දැනුවත් කරන ලදී. එමෙන්ම එම ජයග්රහණයන් ගෙන ඒමේදී මැතිවරණ ජයග්රහණයේ සිට රට යලි ගොඩ නැඟීමේ කාර්යයට විදෙස්ගත ශ්රී ලාංකික ප්රජාව ලබාදුන් සහ ලබා දෙමින් සිටින සහයෝගයට තමන් ඇතුළු රජය හෘදයාංඟමව ස්තූතිය පල කරන බවද ප්රකාශ කරන ලදී.
මෙම හමුවට නෙදර්ලන්තයේ ශ්රී ලංකා තානාපති රේඛා ගුණ සේකර ඇතුළු විද්ස්ගත ශ්රී ලාංකිකයින් සහභාගී වූහ.
ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායකගේ මෙම සංචාරයේ සමස්ථ වැය බර මෙම හමුව සංවිධානය කළ සංවිධායක පිරිස මඟින් දරා තිබීමද විශේෂත්වයකි.
















