නාමල් ඇතුළු පිරිසක් බියෙන් සලිත වීමට හේතු මෙන්න

නාමල් ඇතුළු පිරිසක් බියෙන් සලිත වීමට හේතු මෙන්න

පසුගිය කාලයේ පැවති ආණ්ඩුවල ප්‍රධානීන් වූ රාජපක්ෂ පවුල ඇතුළු පිරිස සිදු කළ මූල්‍ය අපරාධ සහ අනෙකුත් අපරාධ පිළිබඳව අධිකරණමය කටයුතු වේගවත් කර තිබේ.

මේ වනවිටත් පාස්කු ඉරිදා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සාමාජිකයන් විසින් සිදු කළ ඖෂධ ජාවාරම පිළිබඳව ත්‍රිපුද්ගල මහාධිකරණ ඉදිරියේ දිනපතා නඩු විභාග කෙරෙමින් පවතී. ඖෂධ ජාවාරම පිළිබඳව ප්‍රියන්ත ලියනගේ සභාපතිත්වයෙන් යුක්තව ඉරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාග කෙරෙමින් පවතින අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ නඩුව නවරත්න මාරසිංහ විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරෙමින් පවතී.

මෙවැනි මහාධිකරණ 08ක් කඩිනමින් පිහිටුවීමට මේ වනවිටත් අධිකරණ අමාත්‍යංශය කටයුතු කරමින් සිටී. මෙම තත්වය හමුවේ බොහෝ අපරාධකරුවන් කලබල වී ඇති බව නිරීක්ෂණය වේ.

Facebook
Twitter
LinkedIn