රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට විරුද්ධව ලෝක සංවිධාන දැනුවත් කරන බව හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කර සිටින හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවක දී ඒ බව පවසා තිබේ. ඔහු සඳහන් කරන්නේ ලෝක පාර්ලිමේන්තු සංසදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලට සන්දේශ බාර දෙන බව ය. රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ ලන්ඩන් නගරයට පෞද්ගලික සංචාරයක යෙදී තිබිණි.
පැය 36ක පමණ කාලයක් එහි ගත කිරීම සඳහා යොදා ගන්නා ලද මහජන මුදල් රුපියල් ලක්ෂ 166 පිළිබඳව නඩු විභාගයක් පැවැත්වෙන අතර, එය බලපෑම් සහගත ලෙස විදේශ සංවිධාන දැනුවත් කිරීමට හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සැලසුම් කර තිබේ.










