අද (23) සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ (22) පැමිණි බවත්, ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවත් එම සමාගම සඳහන් කරයි.
තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිත බවද එම සමාගම ප්රකාශ කරයි.
පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ ලිට්රෝ ගෑස් සැපයුමට බාධා එල්ල වූ බවත්, අද දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමඟ ගෑස් හිඟය ක්රමානුකූලව පහව යනු ඇති බවත් එම සමාගම වැඩිදුරටත් ප්රකාශ කර සිටී.
Views: 0










