මහාචාර්ය ධුරයත් නිරුවත් කරන ප්‍රකාශවලට ජනතාවගේ දැඩි විරෝධය…

මහාචාර්ය ධුරයත් නිරුවත් කරන ප්‍රකාශවලට ජනතාවගේ දැඩි විරෝධය…

රාජපක්ෂ පවුල් කල්ලිය වෙනුවෙන් ආචාර්ය සහ මහාචාර්ය ධුරයන් අවභාවිතා කරන පිරිසට එරෙහිව සමාජයේ දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පවතී.

මේ සඳහා ආසන්නතම නිමිත්ත වී තිබෙන්නේ මහාචාර්ය කොටපිටියේ රාහුල භික්ෂුව පසුගිය 20 වැනි දින කරන ලද ප‍්‍රකාශයක්ය. කොළඹදී පැවැති රාජපක්ෂ නිකායේ භික්ෂූන් වහන්සේලාගේ රැස්වීමකදී මෙම මහාචාර්ය භික්ෂූන් වහන්සේ රොබට් නොක්ස් සම්බන්ධ කර ගනිමින් දුම්රිය එන්ජිමේ කි‍්‍රයාකාරිත්වය ස්තී‍්‍ර පුරුෂ ලිංගික කටයුත්තක් ලෙස විකෘති අර්ථකථන දක්වා තිබිණි.

මහාචාර්ය කොටපොල රාහුල භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ දුම්රිය ඉන්ජිමේ එම අශ්ලීල දර්ශනය තම දරුවන්ට නොපෙන්වීම සඳහා මවක් ක්‍රියා කළ බව රොබට් නොක්ස්ගේ කෘතිවල සඳහන්ව ඇති බවයි. එහෙත් රොබට් නොක්ස් 1791 ඉපදී 1862දී මිය ගිය බව පවා මෙම මහාචාර්ය භික්ෂුව අමතක කර තිබිණි. ශ්‍රී ලංකාවේ දුම්රිය ධාවනය ආරම්භ කළේ 1864 දෙසැම්බර් 27 වැනි දිනය. එනම් රොබට් නොක්ස් මිය ගොස් අවුරුදු දෙකකට ආසන්න කාලයකට පසුවය.

මෙයට පෙර අවස්ථාවකදී ආචාර්ය මහින්ද පතිරන, ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුම සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කරමින් බැංකු ගිණුමක් විවෘත කර ඇති අතර, ජාතික හැඳුනුම්පතේ අංකය එම විදේශ ගමන් බලපත්‍රයේ නොමැති නිසා 222222222 v අංකය තාවකාලිකව යොදා ඇති බවයි.

මේ ආකාරයට ජනතාව නොමග යැවීම සඳහා ආචාර්ය තනතුරු සහ මහාචාර්ය තනතුරු පවා උපහාසයට, අපහාසයට ලක් වෙන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොදු ජනතාවගේ දැඩි පිළිකුල එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn